(මනෝප‍්‍රිය ගුණසේකර)
මදුරුවන් බෝවෙන පරිදි නිවාස පරිශ‍්‍රය පවත්වාගෙන ගිය දෙමටගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයකුට නඩු නොපවරවා සිටීම සඳහා රුපියල් 20,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරුවු පොලිස් කොස්තාපල්වරයකුට වසර 20ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුගේ ප‍්‍රජා අයිතිය ද අහෝසි කළේය.
විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 20,000/- මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා එයට අමතරව ඔහුට දඩයක්ද නියම කළේය.

