(සුජිත් හෙවාජුලිගේ)
අල්ලස්, දුෂණය මැඩ පැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවගේ අදහස් විමසීමට අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඇතුළු එහි ප්‍රධානීහු යාපනය බලා යන දුම්රියට අද (29) ගොඩවුහ.
අල්ලස් කොමිෂමේ ප්‍රධානීන් මෙවැනි කටයුත්තකට මැදිහත් වු පළමු අවස්ථාව ද මෙය වේ.
අල්ලස් දුෂණ පිටු දැකීම සඳහා විශේෂ ක්‍රියකාරී සැලැස්මක් ජනතා අදහස් ගෙන සකස් කිරීමට තිරණය කර ඇති හෙයින් මෙලෙස සෑම ස්ථානයකටම පෞද්ගලිකව ගොස් ජනතා අදහස් ගැනීමට කටයුතු කරන බව අල්ලස් කොමිෂමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවසීය.
මේ අතර අල්ලස්, දුෂණ මැඩ පැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අල්ලස් කොමිෂමේ ප්‍රධානීන් අද යාපනය ජනතිවගේ අදහස් විමසු අතර හෙට (30) කිලිනොච්චියේ ජනතාවගේ අදහස් විමසීමට නියමිතය.