අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්


(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව  මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගියේය.

ොචාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේ අද  පෙරවරු 9.15 ට පමණය.රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 12.25ට පමණ අල්ලස් කොමිසමෙන් පිටත්ව ගියේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ