මනෝප්‍රිය ගුණසේකර සහ ජයමාල් චන්ද්‍රසිරි
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අද (27) පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව වාර්තා වේ.
අල්ලස් කොමිසමේ දැනුම් දීමක් අනුව රවී කරුණානායක මහතා අද උදේ 9.30 ට පමණ අල්ලස් කොමිෂන් සභා කාර්යාලයට පැමිණි අතර ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පසුවරු 1.30 ට පමණ කොමිෂන් සභා කාර්යාලයෙන් පිටවී ගොස් ඇත.