පොලිසියේ අසතුටු දායක පරීක්ෂණ නිසා ත්‍රිකුණාමල සිරගෙදර ප්‍රධාන ජේලර් විජේසේකර ජයතිලකට පැවරූ අල්ලස් නඩුව ඉල්ලා අස් කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද දැනුම් දුන්නේය.
මුලින් පොලිසියට ද පසුව පොලිසියට ද කළ කටඋත්තර වල බොහෝ පරස්පර තැන් ඇතැයි කොමිසමේ නිලධාරී සී චන්ද්‍රසිරි අධිකරණයේ දී කියා සිටියේය.
රුපියල් 5000ක අල්ලසක් හා රුපියල් 6900ක් වටිනා ජංගම දුරකතනයක් අල්ලස් වශයෙන් ගත්තැයි ජයතිලකට එරෙහිව මේ නඩුව පවරා ඇත.

