එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතරට තරග කරන ඩලස් අලහප්පෙරුම මහතා හා මනෝජ් සිරිසේන මහතාගේ නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දෙකක් ඉදිරිපත් වී ඇතැයි මාතර තේරීම් භාර නිලධාරී කාර්යාල ආරංචි කියයි.
අලහප්පෙරුමට ශ්‍රී ලංකා හා ඇමැරිකා පුරවැසි භාවය ද, මනෝජ්ට ඕස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා පුරවැසි භාවයද ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 91 වැනි වගන්තියේ 20 වැනි ඡේදය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට සුදුසුකම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති සහ අපේ ජාතික පෙරමුණේ කණ්ඩායම් නායක කෝඩිකාර විජේවික්‍රමසිංහ විරෝධතා ඉදිරිපත් කළහ.







