අලව්ව අනතුර සොයන්න කමිටුවක්


අලව්ව දුම්රිය අනතුරට හේතු සොයා බලා දෙසතියකින් වාර්තාවක් ලබා ගැනීම සඳහා  ස්වාධීන ත‍්‍රී පුද්ගල කමිටුවක් පත් කරන බව ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කියයි. විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවරයකු, ආතර් ක්ලාක් මධ්‍යස්ථානයේ විද්‍යුත් ඉංජිනේරුවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඊට ඇතුළත් කිරීමටත් සාමාජිකයන්ගේ නම් අඟහරුවාදා ප‍්‍රකාශයට පත් කිරීමටත් නියමිතය.