අලවතුගොඩ වැසියෝ වතුර ඉල්ලා පාරට බසිති



(මොහොමඩ් ආසික්)
 
අලවතුගොඩ සයිස්ටන් පෙදෙසේ පවුල් 300 කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ පා සිටින බැවින් තමන්ට  නළ ජලය ලබාදෙන ලෙස ඉල්ලා  අද (3) ප්‍රදේශවාසීහු උද්ඝොෂණයක් පැවැත්වූහ.
 
වසර 35 කට වැඩි කාලයක් මෙම ප්‍රදේශයේ පදිංචිව සිටින නමුත් පානීය ජල ගැටළුව විසඳීමට කිසිවෙකුත් තවමත් සමත් වී නොමැති බවයි. තමන් දැනට මුදල් ගෙවා ජලය ලබා ගන්නා බවත් ලීටර් 200 බැරලයක් රුපියල් 500 ක් පමණ වන බවත් ඔවුහු කියති.