(මොහොමඩ් ආසික්)
අලවතුගොඩ බැංකුවක් දෙවරක්ම කඩා වකුගඩු ආධාර පෙට්ටියේ මුදල් සොරකම් කිරීම සහ එහි ඒ.ටී.එම්.යන්ත්‍රයට රුපියල් ලක්ෂ 9,44,931.37 ක අලාභයක් සිදු කළ සැකකරු අද (04) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත දිරිපත් කිරීමෙන් පසුව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබේ.
අලවතුගොඩ බැංකුවක් පසුගිය 29 වනදා කඩා ඇතුළුව ඇති සැකකරු එහි වකුගඩු ආධාර පෙට්ටිය කඩා එහි තිබූ මුදල් සොරා ගෙන ගොස් තිබූ අතර ඉන් පසුව පසුගිය පළමුවනදා එහි ප්‍රධාන සේප්පුව තබා ඇති කාමරයේ දොර කඩා එහි ඒ.ටි.එම්.යන්ත්‍රය පහරදී රුපියල් 9,44,931.37ක අලාභයක් සිදු කර ඇති බව බැංකුව විසින් තක්සේරු කර පොලීසිය වෙත ඉදරිපත් කර තිබේ.