
(දිනේෂ් සමරකෝන්)
ලංකා සතොස සහ මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර සමූහයන් දෙකක් වන කාගීල්ස් (Cargils), කීල්ස් (Keels) යන ආයතන තුන ගොවි ජනතාවගෙන් සාධාරණ මිලකට දේශිය අල, ලොකු ලූණු සහ රතු ලූණු මිලදී ගැනීමට එකඟතාවයකට පැමිණි බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ අනුව, අල කිලෝග්‍රෑම් එකක් රු.210කට, බී ලූණු කිලෝග්‍රෑම් එකක් රු.130කට සහ රතු ලූණු කිලෝග්‍රෑම් එකක් රු.225ට මිලට ගැනීමට මෙම ආයතන එකඟ වී තිබේ.
ගොවි ජනතාවගෙන් මෙම ද්‍රව්‍ය මිලදී ගැනීම අද (02) සිට සිදු කරන බවත්, එක් ගොවි මහතෙකුට කිලෝග්‍රෑම් 2,000ක ප්‍රමාණයක් දක්වා මෙම ආයතනවලට ලබා දීමේ හැකියාව තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

