(රොමේෂ් මධුෂංඛ)
යාපනය අරියාලෙයි මණියන්තෝට්ටම්හි වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා ඊයේ (22) රාත්‍රියේ මිය ගිය බවට යාපනය පොලීසිය කියයි.
මණියන්තොට්ට්ම් රා තැබෑරුම් මන්සන්ධිය අසලදි ඊයෙ සවස යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර අදාල වෙඩි තැබීමෙන් පසුව යතුරු පැදි කරුවන් පළා ගොස් ඇත.
වෙඩිතැබීමෙන් පපුව ප්‍රදේශට වෙඩි පහර වැදීම නිසා බරපතල තත්වයේ සිටි තරුණයාට ඊයේ රාත්‍රියේ ශල්‍යකරුමයක් සිදු කොට ජීවිතය බේරා ගැනීමට යාපනය මහරෝහලේ වෛද්‍යවරු දැඩි පරිශ්‍රමයක් යෙදුවද තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.
මෙසේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අරියාලෙයි උදයපුරම්හි පදිංචි 27 හැවිරිදි වින්දන් රිද්මන් නැමති තරුණයෙකු වන අතර ඔහු ධීවර කර්මාන්තයේ යෙදෙන අයෙකු බවටද වාර්තා වෙයි.




