කාන්තාවකගේ අත් බෑගයේ තිබූ මුදල් සොරකම් කිරීමේ චෝදනාවකට ශ්‍රී ලාංකිකයකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග කියයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයක පිරිසිදු කිරිමේ සේවකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම කාන්තාවගේ අත් බෑගයේ තිබූ ඩිරාම් හා ඩොලර් තොගයක් සැකකරු සොරකම් කර ඇතැයි ද, එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් එක්ලක්ෂ පනස්දහසකට අධික බව ද සඳහන්ය.

