අර්බුදයට විසඳුම ව්‍යවස්ථා සංශෝදනයක්


ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් අතර ඇතිවී තිබෙන අර්බුදයට විසඳුමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම සංශෝදනය කළ යුතුයැයි කථානායක චමල් රාජපක්ෂ මහතා අද ගාල්ලේ නව අධිකරණ සංකීර්ණයට මුල්ගල් තබමින් ප්‍රකාශ කළේය.

කථානායකතුමා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘ පසුගිය දිනවල ලොකු අර්බුදයක් තිබුණා. ඒ ගැන අපි දන්නවා. මේ වගේ අර්බුද වලට හැමෝම පැටලෙනවා. අහිංසක මමත් පැටලෙනවා. පසුගිය අර්බුදයත් සමගම ව්‍යවස්ථාදායකය කඩිනමින් ප්‍රශ්න විසඳමින් ආදර්ශයක් දුන්නා. ඒ වගේම අධිකරණයත් ඉක්මණින් ප්‍රශ්න විසඳා ආදර්ශයක් දුන්නා. හැමදාම ඒ විදියට වනවානම් ජනතාවට අඩු පාඩුවක් වෙන්නේ නැහැ. සියළු දෙනාට රණ්ඩු දබර නැතිව ඉන්න ඉඩ ලැබේවි. අපි අවබෝධයෙන් කටයුතු කරමු. ඇතිවූ අර්බුදයෙන් පසු දින මේ විදියට නීති ක්ෂේත්‍රය වෙනුවෙන් මෙවැනි දෙයක් කිරීමට ලැබීම සතුටුයි.“