(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආරක්ෂක වියදම් අඩු කළ යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය පිළිබඳ බ්‍රිතාන්‍යයේ ප්‍රතිචාරය යන මාතෘකාව යටතේ ඉකුත් 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරු මේ බව ප්‍රකාශ කළහ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එලියට් කෝල්බර්න්, සාරා ඔල්නෙ සහ තෙරේසා විලියර්ස් මහත්ම මහත්මීන්ගේ ඉල්ලීම පරිදි මෙම විවාදය න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරින.

