අර්ථ සාධක ණය ගමෙන්


සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික මුදලින් සියයට 30ක් ලබාදීමේ වැඩ පිළිවෙළ පළාත් මට්ටමින් විමධ්‍යගත කරන ලෙස කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ජේ සෙනෙවිරත්න මහතා අංශවලට උපදෙස් දී ඇත.

ප්‍රධාන කාර්යාලයන් පමණක් සිදුකෙරෙන මෙම කටයුත්ත බරපතල ලෙස ප්‍රමාද වෙමින් පවතින බැවින් අමාත්‍යවරයා මෙම උපදෙස් දී තිබේ.

ඉල්ලුම් පත් 65,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇතත් සියයට 30 ලබා දී ඇත්තේ 3700 දෙනෙකුට පමණි.

කාර්ය මණ්ඩල හිඟකම හා කාර්යාල ඉඩකඩ සීමිත විම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි පෙනී යන බැවින් මේ තීරණය ගත් බව ඇමැති කියයි.