( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන යන මහත්වරුන්ට ඇප ලබා ගන්න විශේෂ හේතුන් අධිකරණයට ඉදිරිපත් කරලා නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද (01) පැවසීය.
ඒ අනුව ඔවුන් ඉදිරිපත් කළ ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට අයිතියක් නැති බවත් මෙම පෙත්සම ඉවත දමන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පළිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද (29) අභියාචනාධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේ දී හෙතෙම මේ බව කීය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරෙස්න මහතා සහ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා හමුවේ අද කැඳවිණි.
අභියාචනාධිකරණය පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සළකා බැලීම ජුනි 11 දිනට කල් තබන ලදී.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇති අතර පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් කියා සිටින්නේ, මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇති තමන්ට ඇප ලබාදීම පොදු දේපළ පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
එහෙත් රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව අධිකරණයට වාර්තාකර ඇති කරුණු අනුව පොදු දේපළ පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බව පෙත්සම්කරුවන් කියා සිටියි. එම නිසා පොදු දේපල පනත යටතේ තමන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය දූෂිත බව ද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.
එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කලත් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ බැවින් කොටුව මහේස්ත්‍රාත්වරියගේ නියෝගය හා කොළඹ මහාධිකරණයේ නියෝගය ප්‍රතිශෝධනය කර තමාව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.