අර්ජුන්ට - කසුන්ට ඇප ඉල්ලති


(මනෝප්‍රිය ගුණසේකර)

වත්මන් රජය සමයේදී බැදුම්කර නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුකිරීම මඟින් රජයට පාඩු සිදුකළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ප්‍රතිශෝධන ඇයැදුම් පත්‍රයක් අද (26) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සැකකරුවන් රිමාන්ඞ් බාරයට පත් කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරමින් ඔවුන්ට ඇප නියම කරන්නැයි නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන ඇයැදුම් පත්‍රයේ සඳහන් කොට ඇත.