හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අද (20) ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කරන්නැයි ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලා සිටි බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා මාර්තු 29 වැනි දා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට දැනුම් දුන්නේය.
අධිකරණය මීට පෙර අවස්ථා දෙකකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර තිබිණි.