මනෝප්‍රිය ගුණසේකර
බැඳුම්කර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට සිංගප්පුරුවේ සිටින බව එරට ජාත්‍යන්තර පොලිසිය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ලසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අවශ්‍ය ක්‍රියාමර්ග ගනිමින් සිටින බවද කෝදාගොඩ මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.