අර්ජුනත් නිල රථයට සල්ලි ගෙවයි


වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තමන් භාවිතා කරන නිල රථය සඳහා මැතිවරණ නීතියට අනුව ගෙවිය යුතු මුදල එම අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතාට භාර දුන්නේය.

වත්මන් රජය යටතේ මෙලෙස මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරන රාජ්‍ය දේපල වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවුවත් පසුගිය පාලන සමයේ දී දේශපාලන කටයුතු සඳහා අසීමිත ලෙස රාජ්‍ය සම්පත් යොදාගෙන තිබූ බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම මුදල් භාරදුන් අවස්ථාවේ දී පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී වරාය අධිකාරියේ සේවකයින් 521ක් මැතිවරණ කටයුතු සඳහා යොදවාගෙන ඇතැයිද මැතිවරණ කටයුතුවලට නිදහස් කළ එම සේවකයින්ගේ වැටුප් පමණක් නොව අතිකාල පවා අමාත්‍යාංශයෙන් ගෙවා ඇතැයි ඇතැයි ද සඳහන් කළේය.