
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමාට ලබා දී ඇති ඉන්ධන ලීටර් 15න් යාපනේ සිට පාර්ලිමේන්තු එන්නට ගියොත් සති ගානක් ගතවන බව යාපනය දිස්ත්රික් මන්ත්රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"යාපනයේ ඉඳන් කොළඹට එන්න අපට ඉන්ධන දීලා තියෙන්නේ ලීටර් 15යි.මං එහෙනම් ඇවිල්ලා අනුරාධපුරේ නිදාගෙන ඊළඟ සතියේ කිව්.ආර් කෝඩ් එක අරගෙන කොළඹට ඇවිල්ලා සතියක් ඉඳලා නිදාගෙන යාපනයට යන්න තව සති දෙකක් යනවා.
කතානායක ජගත් වික්රමරත්න මහතා:- මේ පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරිය දැනුවත් කර තිබෙනවා.ඒ ගැන පිළිතුරු ලැබුණාට පසුව ලබා දෙන්නම්.

