
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පාර්ලිමේන්තු ආපන ශාලාවේදී අද (21) තමාට මරණ තර්ජන කළ බව මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ ගැටලුවක් සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්නයක් යොමු කළ බවත් ඒ සම්බන්ධයෙන් ෆයිසාල් මහතා උරණ වී මෙලෙස මරණ තර්ජන එල්ල කළ බවත් අර්ච්චුනා මහතා චෝදනා කළේය.
තමාට මරණ තර්ජනය එල්ල කළ ස්ථානයේ සීසීටීවී කැමරා තිබූ බව කී රාමනාදන් අර්ච්චුනා මහතා ඒවා උපයෝගි කර ගනිමින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය
කතානායක:
මට ලිඛිතව පැමිණිලි කරන්න

