
( ඉන්දිකා රාමනායක)
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් අද ( 09) උදෑසන අරලිගහ මන්දිරයට පැමිණි පිරිස් අගමැතිවරයා හමුවීමෙන් පසුව එම ස්ථානයෙන් පිටත්ව ගෝල්ෆේස් දක්වා ගමන් ඇරැඹු අතරතුර අගමැතිවරයාට ඉවත්වන්නැයි සඳහන් කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමීව විරෝධයේ නිරතවන පිරිස සමඟ දැඩි උණුසුම් තත්වයක් ඇති වූහ.
එහි ඉදිකර ඇති අට්ටාල කඩා බිද දැමීමටද එම පිරිස් කටයුතු කළහ. ආණ්ඩුවට එරෙහිව සාමකාමීව විරෝධතාවයේ නිරත වූ පිරිසට පහරදෙමින් ඔවුන්ගේ අට්ටාල කඩා දමා ඒවා ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි.
මාධ්‍යවේදීන් පිරිසට ද විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇත.
(ජයමාල් චන්ද්‍රසිරි)
වැඩිදුර තොරතුරු මෙතැනින්: ගාලු මුවදොර මිනිස් වැටක්

