අරලිය මැදුරේ වස්තුවට වූ දේ අහයි


පසුගිය ජනවාරි 8 පසු අරලියගහ මන්දිරයෙන් සොයාගනු ලැබුවැයි පැවසූ රුපියල් මිලියන 500ක මුදල් සහ රත්තරන් තොගයට මේ වන විට සිදුව තිබෙන දෙය ගැන වහා පරීක්ෂණයක් සිදුකොට ඒවා මාධ්‍යයට හෙළි කරන්න යැයි ඉල්ලමින් ‘යුක්තිය උදෙසා කාන්තාවෝ‘ සංවිධානය අද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම සංවිධානයේ සභාපතිනි ශර්මිලා ගෝනවල මහත්මිය ඇතුළු සාමාජික සාමාජිකාවෝ පිරිසක් එයට එක්ව සිටියහ.

web-11