අරලගංවිලට දින දෙකකින් තාවකාලික යකඩ පාලමක්


(යොහාන් භාසුර)

අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් හානිවූ මනම්පිටිය - අරලගංවිල  මාර්ගයේ 19/1 පාළම වෙනුවට තාවකාලික යකඩ පාළමක් දින දෙකකින් ඉදිකිරීමට කටයුතු කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

මෙම පාලම ඉදිරිකිරීමට සාමාන්‍යයෙන් දින 15 ක් ගතවන බවට ඇතස්තුමේන්තු කර තිබුණ ද එම ඉදිකිරීම භාරව සිටි ඉංජිනේරුවන් සහ කාර්ය මණ්ඩලය දිවා රාත්‍රී කටයුතු කිරීම නිසා දින දෙකකින් ඉදිකර අවසන් කළ බව ද එම අධිකාරිය කීය.