අරලගංවිල අලුත්ඔය ඉසෙඩ් ඩී ඇළට ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ට්‍රේලරයේ ගමන් කළ 10 දෙනකුගේ සිරුරු සොයා ගත් බව පොලිසිය කියයි.
ට්‍රැක්ටරයේ 23 දෙනකු පමණ ගමන් කළ බව ද දැනගන්නට ඇත.
මනම්පිටිය නිකවලන්දේ සිට නෑ ගමනක් යමින් සිටිය දී ට්‍රැක්ටරය මෙම ඇළට පෙරළෙන්නට ඇතැයි දැනගන්නට ඇත.
ට්‍රැක්ටරයේ ගමන් කළ සෙසු අය සොයා සිවිල් ආරක්ෂක බලකාය හා සහන සේවකයෝ ඇළ මාර්ගය සෝදිසි කිරීම ඇරැඹීය.

