අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)
 
මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි  නිවස ඉදිරිපිට කලහකාරි ලෙස  හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මසකට වැඩි කාලයක් පොලිසිය මඟ හරිමින් සැඟව සිටි අරඹේපොල රතනසාර හිමි අද (20) පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

සැකකාර රතනසාර හිමියෝ නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹූවේ දී අත්අඩංගුවට ගෙන ඇත.