ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයක් දිනාගත් එකම කී‍්‍රඩා කණ්ඩායම වන 96 ලෝක කී‍්‍රකට් ශූරයෝ පසුගිය සෙනසුරාදා කොළඹ එන්. සී. සී. කී‍්‍රඩාංගණයට එක්වූයේ ආර්ථික හේතූන් නිසා අධ්‍යාපනය කඩාකප්පල් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ආධාර කෙරෙන ‘බිග් හාට්’ ව්‍යාපෘතියේ අරමුදල තර කරගැනීම සඳහා වූ ප‍්‍රදර්ශන කි‍්‍රකට් තරගයකට සහභාගි වීමේ අරමුණ ඇතිවය.
ශ‍්‍රී ලංකාවේ හිටපු ක‍්‍රිකට් කීඩකයින්ගෙන් සමන්විත ජනකාන්ත ක‍්‍රිකට් තරු කණ්ඩායම සමග එම තරගය පැවැති අතර කලෙකදී වෘත්තීය කී‍්‍රඩකයන් වූ නමුත් දෙපිලේම කී‍්‍රඩකයන් මෙම තරගයට සහභාගි වූයේ සම්පූර්ණ සමාජ සත්කාරයක් වශයෙන් විනා රුපියල හෝ ඩොලරය සම්බන්ධයෙන් අබමල් රේණුවක තැකීමක් කරමින් නොවේ. ඔව්හු ඊට නොමිලයේම සිය දායකත්වය දැක්වූහ.
96 ලෝක ශූර කණ්ඩායමට ක‍්‍රීඩා කල කීඩකයින්ගෙන් මුත්තයියා මුරලිදරන්, මාවන් අතපත්තු සහ කුමාර් ධර්මසේන තිදෙනාට මෙම තරගයට සහභාගී වීය නොහැකි විය. මුරලිදරන්ට ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම සඳහා කලින් අත්සන් කළ ගිවිසුමක් හෙයින් නිවාඩු ලබාගත නොහැකි වූ අතර මාවන් අතපත්තු ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයක නිරතව සිටී. අන්තර්ජාතික විනිසුරු මඬුල්ලේ සාමාජිකයකු වන කුමාර් ධර්මසේන මේ දිනවල දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියක විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් සිටී.
එහෙත් ලෝක ශූර කණ්ඩායමේ සෙසු සියලුම කී‍්‍රඩකයෝ ඊට සහභාගි වූ අතර සනත් ජයසූරිය පැමිණියේ සිය දණහිසේ සැත්කමක් කිරීමෙන් දින කිහිපයකට පසුව, සම්පූර්ණ සුවය ලැබීමටත් පෙරාතුවය.
කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ කණ්ඩායම් දෙකේ කී‍්‍රඩකයින්ට සුබපැතීමෙන් අනතුරුව කී‍්‍රඩාංගණයෙන් නික්ම ගියේය.
තරගය වෙනුවෙන් නිර්මාණය කර තිබූ ඇඳුම් 96 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම භාවිතා කල නිළ ඇඳුමම විය. එහිදී ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම භාවිතා කල නිළ ඇඳුමටම බොහෝ සෙයින් සමාන වූ ඇඳුමක් ජනකාන්ත ක‍්‍රිකට් තරු කණ්ඩායමේ නිළ ඇදුම ලෙස භාවිතා කෙරිණ. වෙනසකට වූයේ ජනකාන්ත කි‍්‍රකට් තරු ඇඳුමේ ‘ශී‍්‍ර ලන්කන්’ යන්න ලියැවී තිබීම පමණි.
කී‍්‍රඩාංගණයේ සියලූ ආසන පේ‍්‍රක්ෂකයින්ගෙන් පිරී තිබූ අතර ඔව්හු 96 දී දුටු ඒ චමත්කාරජනක විස්මිත ජයග‍්‍රණය නැවතත් වරක් දැකගැනීමට නොඉවසිල්ලෙන් පසුවූහ. 96 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සියැසින් දැක ගැනීමට නොහැකිවූ පේ‍්‍රක්ෂකයින් ටද එය කදිම පුනරූපනයක් විලස දැනෙන්නට ඇත.
96 දී කළ පරිදිම කාසියේ වාසිය දිනාගත් අර්ජුන රණතුංග පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ප‍්‍රතිවාදි පිලට ආරාධනා කළේය. පසුව පාකිස්තානයේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ලබාගත් කඩුලූ 7 ක ජයග‍්‍රණයට නොදෙවෙනිව, කඩුලූ 5 ක විශිෂ්ඨ ජයක් ජනකාන්ත ක‍්‍රිකට් තරු කණ්ඩායමට එරෙහිව ලබාගත්තේ පැමිණ සිටි පේ‍්‍රක්ෂකයින් සියලූදෙනාගේ බලාපොරොත්තු මුදුන්පත් කරමිනි.
පේ‍්‍රක්ෂකයින් හට කළුවිතාරණගේ මෙන්ම හේමන්ත දේවප‍්‍රියගේ වේගවත් පිතිහරඹයත්, අර්ජුනගේ උපක‍්‍රමශීලී පිතිහරඹයත්, අශෝක ද සිල්වාගේ විශිෂ්ඨ දඟ පන්දු යැවීමත් පියවි ඇසින් දැකගැනීමට අවස්ථාව උදාවිය.
එදා සුපරික්ෂාකාරී ලෙස ලකුණු 107 ක් වාර්තා කරමින් අරවින්ද හිමිකරගත් තරගයේ වීරයාට හිමි කුසලානය මෙවර වේගවත් ලකුණු 52 ක් වාර්තා කල කළුවිතාරණ හිමිකරගත්තේ 96 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පැළදි පා ආවරණ යුගලයම පැළදගෙන කී‍්‍රඩා කිරීමෙනි.
හතරේ සීමාව අසලදීම රැකගත් විශිෂ්ට උඩපන්දුවකින් දැවී ගිය නමුත් සනත්ගේ ජවසම්පන්න පුල් පහරත්, චමන්ද වාස් සුපුරුදු පරිදි කඩුල්ල ඉලක්ක කරමින් පන්දු යැවීමත්, හෂාන් තම සුවිශේෂී හැකියාව මොනවට කියාපාමින් දෙඅතින්ම පන්දු යැවීමත්, හයේ පහරකින් තරගයේ ජයග‍්‍රාහී ලකුණ වාර්තා කිරීමත් නිසා පේ‍්‍රක්‍ෂකයෝ මහත් උද්දාමයට පත්වූහ.
අර්ජුන එවූ පන්දුවකින් එරික් උපශාන්ත දවා ගනීම සඳහා අසංක ගුරුසිංහ අසීරු උඩපන්දුවක් රැකගත්තේද, එරික් උපශාන්තගේ පන්දුවකට පිටියෙන් ඉවතට ඇදී ලෙස ගුරුසිංහ ගැසූ යෝධ හයේ පහර පිටියෙන් ඉවතට ඇදී සැගවී ගියේද පේ‍්‍රක්‍ෂකයන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.
රොජර් විජේසූරිය යැවූ ඕවරයකදී අර්ජුන පිට පිටම හතරේ පහර 2 ක් සහ හයේ පහර 2 ක් ද සමගින් ලකුණු 21 ක් ලබා ගත් අතර ඔහුගේ ප‍්‍රියතම පහරක් වන ස්වීප් පහරද කිහිප වතාවක් ප‍්‍රදර්ශනය කරමින් තවමත් ඔහුට එය පෙර පරිදිම හසුරුවාගත හැකි බව මැනවින් කියාපෑවේය.
තරගයේ පළමු භාගය අවසන් වූ වහාම තරගය නැරඹීමට පැමිණ සිටි ආබාධිත රණවිරුවන් වෙත ගිය කී‍්‍රඩකයෝ ඔවුන්ගේ සුවදුක් විමසා සිටි අතර ඔවුන් සමග සමූහ ඡයාරූපයකට පෙනීසිටීමටද අමතක නොකළහ. අනතුරුව කී‍්‍රඩකයින් සියලු දෙනා එක්ව ‘බිග් හාට්’ ව්‍යාපෘතිය සංඛේතවත් කරමින් තෝරාගත් ළමුන් පිරිසකට පාසල් උපකරණ කට්ටල බෙදා දුන්හ.
කණ්ඩායම් දෙකේම කී‍්‍රඩකයින්ගේ පවුල් වල සාමාජිකයෝද කී‍්‍රඩකයින්ට වෙන්වූ කී‍්‍රඩාගාරයේ සිට තරගය නැරඹූ අතර ගුරුසිංහගේ පුතා සහ දියණියද, අර්ජුනගේ පුතාද ඒ අතර වූහ. තරගය අවසන් වීමෙන් පසු ඔවුන් සියලුදෙනාම කී‍්‍රඩා පිටියට පැමිණ කීඩකයින් හා පේ‍්‍රක්ෂකයින් සමග ඡයාරූප වලට පෙනීසිටියහ.
තරගය නැරඹූ සැමට පොදුවේ දැකගත හැකි දෙයක් වූයේ මෙම තරගය සඳහා සහභාගීවූ සියලුම කී‍්‍රඩකයින් පෙනුමෙන් වියපත් වුවද ඔවුන් සිතින් මෙන්ම කි‍්‍රකට් දස්කම් වලින් නම් තවමත් වයසට ගොස් නැති බවයි.
තරගය ආරම්භ කල මොහොතේ සිට අවසන් වූ මොහොත දක්වාත්, ඉන් පසුවත් ලෝක ශූර කී‍්‍රඩකයන්ට සමරු අත්සන් තැබීමේ නිමක් නොවූවද කී‍්‍රඩකයෝ එය කරදරයක් ලෙස නොසලකා පැමිණ සිටි පේ‍්‍රක්ෂකයින් සමග ඉතාමත් සතුටින් කාලය ගතකර සතුටින්ම විසිර ගියේ විවිධ හේතූන් මත අධ්‍යාපනය නොලබන පාසල් යන වයසේ ළමුන්ගේ අනාගතය වෙනුවෙන් වැය කිරීම සඳහා ‘බිග් හාට්’ ව්‍යාපෘතියට තවත් මුදල් ප‍්‍රමාණයක් රැස්කර දෙමිනි.





