අරණායක මහ විද්‍යාල තුනක් වහයි


(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
 

කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ පවුල් කිහිපයක දරුවන් සිව් දෙනෙක් පාසලට පැමිණීමෙන් අරණායක ප්‍රදේශයේ මහා විද්‍යාල තුනක් හා ප්‍රාථමික විද්‍යාලයක් පංති හතරක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද (2) පැවසීය.

සිය මව පියා කොව්ඩ් 19 ආසාදිතයින් වීමෙන් එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස දරුවන් සිව් දෙනෙකු හදුනා ගැනීම නිසා එම දරුවන් පැමිණි පාසල්වල අදාළ පංතිය පමණක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද වෛද්‍යවරයා කීය. 

උස්සාපිටිය ප්‍රදේශයේ මහා විද්‍යාලයක 11 ශ්‍රේණිය ද, පොල්අඹේගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක 10 ශ්‍රේණිය ද, දිප්පිටිය ප්‍රදේශයේ මහා විද්‍යාලයක 10 ශ්‍රේණිය ද, දිප්පිටිය මහා විද්‍යාලයක 9 - ඩී ශ්‍රේණියද, එම පාසලේම ප්‍රාථමික අංශයේ 2 - සී  ශ්‍රේණිය ද මෙසේ තාවකාලිකව වසා දමා තිබේ.

පාසල් වලට පැමිණි කොව්ඩ් රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළ නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සදහා ද යොමු කර තිබේ. එම පාසල් 4 අදාළ පංති පමණක් වසා දමා අනෙකුත් සියලුම පංති සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව ද වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසීය.