සමන් විජය බංඩාර
අරණායක සාමසර කන්ද නායයෑමෙන් විපතට පත් ව කුඩාරම් වල ජිවත් වන පවුල් 100 ක් වෙනුවෙන් උස්සාපිටිය රුවන්දෙනිය ප‍්‍රදේශයේ නිවාස 100 ක ඉදිකිරිම් අවසන් වී මාස ගණනක් ගත වි ඇති අතර තවමත් කුඩාරම් වල සිටින පවුල් වලට මේ වන තෙක් එම නිවාස ලබා දිමට වගකිව යුත්තන්ගේ අවදානය යොමුවී නොමැති බව ජනතාව අද (19) පවසති.
චින ආධාර යටතේ ඉදිවන නව නිවාස ව්‍යාපෘතිය නම් කර ඇත්තේ චින ලංකා මිත‍්‍රත්ව ගම්මානය ලෙසිනි. මෙම ගම්මානය විවෘත කිරිමට ජනාධිපතිතුමාගෙන් දිනයක් ලබා ගැනිමට නොහැකි නිසා තවමත් මේ ගම්මානයේ ඉදි කර ඇති නිවාස තමන්ට ලබා දිමට කටයුතු කර නැති බව ජනතාව පවසයි.
මෙම නිවාස ලබා නොදිම නිසා තවමත් දිප්පිටිය විල්පොල කඳවුර සහ දෙයියන්වල කඳවුරු වල කුඩාරම් අටවා ගෙන මෙම පවුල් ඉතා අපහසුවෙන් දිවි ගෙවති.
ඔවුන් මෙලෙස වසර දෙකකට ආසන්න කාලයක් මෙ අපහසු ජිවිතය ගත කරන අතර ඔවුන් ජිවත් වන කුඩාරම් ඉතා අඹලන් තත්වයේ පවති.
කුඩාරම් වල පාදම මේ වන විට දිරා ගොස් ඇති අතර ඉටි රෙදි වලින් ආවරණය කරගෙන ඔවුන් කුඩාරම් වල ජිවත් වෙති. වැසිකිලි නිරන්තයෙන් උතුරා යන බවත් අවට පරිසරය සනිපාරක්ෂාවක්ද නැති බවද ඔවුන් කියයි.