(සමන් විජය බණ්ඩාර)
අරණායක අවතැන් වු ජනතාව යථා තත්වයට පත් කිරිම වෙනුවෙන් මිලියන 921 ක් පමණ වියදම් කර ඇති බවත් එයින් වියළි සලාක සඳහා මිලියන 30 ක් නිවාස සඳහා මිලියන 614 ක් ද , යටිතල පහසුකම් සඳහා මිලියන 114 ක්, වන්දි ගෙවිම සඳහා මිලියන 163 ක් වැය කර ඇති බව කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අරණායකදි පැවසිය.
“වසන්තගම අවතැන් වු අයගේ නිවාස 4 ක් හැරුණු විට අනික් සියලූ නිවාස වල වැඩ කටයුතු මෙ වන විට අවසන් කරලා තිබෙනවා. එම නිවාස සැදිමටත් ප‍්‍රතිපාදන වෙන් වෙලා තිබෙන නිසා ඉදිරි මාස 4 ඇතුළතදි එම නිවාස වල වැඩ අවසන් කරලා ජනතා අයිතියට පත් කරන්නට හැකි වෙයි“
චිනයෙන් සාදන නිවාස ව්‍යාපෘතිය මෙ වන විට අඩකටත් වඩා වැඩි කොටසක වැඩ අවසන් වේලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා නිවාස වල ඉදිකිරිම හොඳ මට්ටමක සිදු වෙමින් පවතිනවා කියලා. ගිය සතියේ ජල සම්පාදන අමාත්‍යතුමාගේ අමාත්‍යංශයෙන් මිලියන 158 ක මුදලක් ලැබිලා තිබෙනවා. ඒ අනුව අපි සකස් කරපු නිවාස සියල්ලටම ජලය ලබා දිමේ හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් ඉදිරි මාස තුන ඇතුළත මෙ සියලූ දෙනාට ඉඩම් දිලා මෙ සියලූ දෙනාටම පළමු වාරිකය දිලා අඩුම වශයෙන් එක කාමරයක්වත් හදාගෙන පදිංචි විමට පුළුවන් විදිහට සකස් කරන්න තමයි උත්සාහය යැයි දිසාපතිවරයා කීවේය.

