(යොහාන් බාසුර සහ ඉන්දිකා රාමනායක)
ගාලුමුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මේ වන විට විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තා කරුවෝ පවසති.
කොල්ලුපිටිය දෙසින් ඉතා විශාල පිරිසක් එම විරෝධාතවට එක් වීම සඳහා පැමිණෙමින් සිටින බව ද වාර්තා වෙයි.
භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයන් වෘත්තිය සමිති ක්‍රියාකාරීන් ඇතුළු පරිස් එම ස්ථානයට පැමිණෙමින් සිටිති.
මේ අතර නිර්පාක්ෂික විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය දක්වමින් දිවයිනේ ප්‍රදේශ රැසක පිරිස් විරෝධතා දක්වති.

