(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් කෝටි 97 ක් පමණ මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය සඳහා වැය කරන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සඳහන් කරයි.
රුපියල් කෝටි 50 ක් අරක්කුවලටත් රුපියල් කෝටි 9 ක් බියර්වලටත් රුපියල් කෝටි 38 ක් දුම්වැටි සඳහාත් වශයෙන් මෙම මුදල් වැය කෙරෙන බව එම මධ්‍යස්ථානයෙන් නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ හා ලංකා දුම්කොල සමාගමේ දත්ත වාර්තා ඇසුරින් මෙම ගණනය කර ඇත.
මෙරට කාන්තාවන්ගෙන් දුම්වැටි භාවිත කරන්නේ 0.1% කටත් අඩු සංඛ්‍යාවක් යැයි ද මධ්‍යසාර භාවිත කරන කාන්තාවන් සංඛ්‍යාව 0.5%ට අඩු යැයි ද එහි සඳහන් වේ.
මෙරට පිරිමින්ගෙන් 34.8% ක් මධ්‍යසාර භාවිත කරද්දී 29.4% ක් දුම් පානය කරන බව ද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

