(රන්ජන් කස්තුරි)
දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවිමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්‍යංශයෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.
ආරක්ෂක ස්ටිකරය සම්බන්ධ ටෙන්ඩරය 2016 වසරදී ඉන්දියා සමාගමකට ලබාදි තිබෙන අතර එම ටෙන්ඩරය හා සමාගම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශව චෝදනා එල්ලකරමින් තිබෙන හෙයින් රාජ්‍ය අමාත්‍යවරයා වාර්තාවක් ඉල්ල සිටි බව මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවැසීය.
මිට අමතරව ටෙන්ඩරය ලබාගත් සමාගමට එල්ලවන චෝදනාවලට ඉතා ඉකමණින් පිළිතුරු දෙන්නැයි දන්වමින් සුරාබදු කොමසාරි ජනරාල්වරයා එම සමාගමට ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

