ටෝනි කරුණානායක සහ තිලකරත්න දිසානායක
ගම්පහ කොටුගොඩ නැදගමුව ප්‍රදේශයේදී අද වෙඩි ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයකු (33) රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයා යතුරු පැදියෙන් කොටුගොඩ සිට සිය නිවස පිහිටි නැදගමුව ප්‍රදේශයට යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවීයැයි පොලිසිය පවසයි.
පස් කැපීමේ නිරත දෙපිරසක් අතර ඇති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුවීදැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
වෙඩි වැදුණු පුද්ගලයා මුලින්ම ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

