( ජේ.ඒ.එල්.ජයසිංහ)
මහනුවර ප්‍රදේශයේ ‘අයිස්‘ නැමැති මත්ද්‍රව්‍ය හා හෙරොයින් බෙදා හරිමින් තරුණියන් හා කාන්තාවන්ට ද මත්ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් දුෂණයට ලක් කළ බව කියන විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකු අද (19) අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම එජන්සියේ රැදී සිටි තරුණියන් සිව් දෙනකු හා තරුණයන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
රැකියා ඒජන්සිකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලි ග්‍රෑම් 500 ක්ද පොලිස්බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පිරිසද මතට ඇබ්බැහිවුවන් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට පත්වූවෝ අවුරුදු 21,22,23 යන වයස් කාණ්ඩ වලට අයත් එම පිරිසකි.

