
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
දෙහිවල පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ලද බුද්ධි තොරතුරක් මත මල්වත්ත පාර, දෙහිවල ලිපිනය පරීක්ෂා කිරීමේදී කාන්තාවන් දෙනෙකු සිට ඇතැයි පොලිසිය කියයි.
එයින් එක සැකකාරියක් හිටපු ප්‍රධාන පෙලේ පාතාල සාමාජිකයෙකු වන ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් " කොස්ගොඩ තාරක " යන අපරාධකරුගේ අනියම් බිරිද වන තල්ගස්හේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 හැවිරිදි කාන්තාවක් බවට හඳුනාගත් බවත් සැකකාරියේ සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5300ක් සොයාගත් බවත් පොලිසිය කියයි.
එහි සිටි අනෙක් සැකකාරිය අනුරාධපුර, ගල්පිටිය, හබරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් වන පොලිස් සේවයෙන් ඉවත් කර ඇති හිටපු කොස්තාපල්වරියක් වන අතර එම සැකකාරිය සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 5200 ක් සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කලේය.

