අයියා මරුට නංගියි දුවයි රෝහලේ


හලාවත කොළඹ පාරේ මාරවිල කොස්වාඩියේ දී ඉරිදා රාත්‍රී යතුරුපැදියක් වාහනයක ගැටීමෙන් එක් අයකු (45) මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අනතුර සිදුකළ රථය පලා ගොස් ඇතැයි ද පොලිසිය කියයි. තුවාල ලබා ඇත්තේ මියගිය තැනැත්තාගේ සොයුරිය (35) සහ ඇගේ 10 හැවිරිදි දියණියයි