2015 ජනපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා ස්වාධීන රූපාවාහිනිය ඔස්සේ වැඩිපුර විකාශනය කෙරුණු දැන්වීම් වෙනුවෙන් අය විය යුතු මුදල් නොගෙවීම නිසා ස්වාධීන රූපවාහිනී සේවයට රුපියල් කෝටි 11කට අධික පාඩුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට එම රූපවාහිනී සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන ඇතුළු ප්‍රධාන නිලධාරීන් දස දෙනකු බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට සඳුදා (31) කැඳවා ඇතැයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.
ජනාධිපති පරික්ෂණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කරන විමර්ශන වලට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට ඔවුන් කැඳවා ඇතැයි කියති.

