
(යොහාන් භාසුර)
අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (19) නිවේදනය කළ පසුගිය වසරේ (2021) ලෝක විස්සයි 20 ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසංරංග ඇතුළත්ව සිටියි.
දකුණතින් පා දඟ පන්දු යවන වනිඳු මේ වන විට ලෝක විස්සයි20 පන්දු යවන්නෙන්ගේ ශ්‍රේණීගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට ද සමත්ව සිටියි.
වනිඳු පසුගිය වසරේ විස්සයි20 ජාත්‍යන්තර තරග 20 කදී කඩුලු 36 ක් දවාගැනීමට සමත්ව සිටියි.
ලෝක විස්සවි20 කණ්ඩායමේ නායකත්වය පාකිස්තානු ප්‍රවේගකාරී පිතිකරු බාබර් අසාම්ට හිමිව තිබේ.
2021 වසරේ විස්සයි20 ලෝක කණ්ඩායම (පන්දුවට පහර දෙන අනුපිළිවෙළට):
1. ජෝස් බට්ලර්, 2. මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), 3. බාබර් අසාම් (නායක), 4. ඒඩ්න් මාක්‍රම්, 5. මිචෙල් මාෂ්, 6. ඩේවිඩ් මිලර් 7. ටබ්රේස් ශම්සි, 8. ජොෂ් හේස්ල්වුඩ් 9. වනිඳු හසරංග 10. මුස්ටෆිෂූර් රහමන් සහ 11. ෂහීන් අෆ්රිඩි

