අයි පීගේ බඩට කොන්දට දැඩි හානි


 රබර් ගසකට යටවු පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ සිරුරෙන් දැඩි ලෙස ලේ පිට වී තිබු බවත් ලේ නතර කිරීමට සැත්කමක් ඇතුළු සැත්කම් තුනක් සැලසුම් කළ බවත් අවිස්සාවේල්ල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ එස් ජයතිලක මහතා පැවසීය.

ඔහුගේ පිට කොන්ද හා උදරයට හානි සිදු වී තිබිණි.

තුන්නානේ සිද්ධියේදී පොලීසියේ තවත් හය දෙනෙක් තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කරනු ලැබුහ.