අයි පී ට වරෙන්තු
ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් පැවරූ නඩුවේ සාක්කිකරුවකු වන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක එම් පී සුදේශ් විජේසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙනිය මහතා වරෙන්තු නිකුත්කළේය.
සාක්කිකරුවකු වූ විජේසිංහ උසාවි නොපැමිණීම ඊට හේතුවයි.
නඩුව දෙසැම්බර් පස්වන දිනට කල් තැබිණි.
ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වූයේ 2010 ජනවාරි මාසයේදීය.

