(යොහාන් භාසුර)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) මෙවර තරගාවලියේ (2022) ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 36 දෙනෙක් ඇතුළත්ව සිටිති.
ලෝක විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටියක මූලික වටිනාමක් ඇති ක්‍රීඩකයෙක් ලෙස එම වෙන්දේසියට ඇතුළත්ව සිටීම කැපී පෙනේ.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය මේ මස 12 සහ 13 දෙදින පැවැත්වීමට නියමිතය.
ක්‍රීඩකයන් 500 කට අධික පිරිසක් ඇතුළත්ව සිටින මෙම වෙන්දේසියට ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් හිමි ක්‍රීඩක 49 දෙනෙක් ඇතුළත් අතර එයට ඉන්දීය ක්‍රීඩකයන් 17 දෙනෙක් ඇතුළත්ව සිටිති.
මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඕස්ටේ්‍රලියාව 59 ක්, දකුණු අප්‍රිකාවෙන් 48 ක්, බටහිර ඉන්දීය කොදෙව් 41 ක්, ශ්‍රී ලංකාවෙන් 36 ක්, එංගලන්තයෙන් 30 ක්, නවසීලන්තයෙන් 29 ක්, ඇෆ්ගනිස්තානයෙන් 20 ක්, නේපාලයෙන් 15 ක්, අමෙරිකා එක්සත් ජනපදයෙන් 14 ක්, බංග්ලාදේශයෙන් 9 ක්, නැම්බියාවෙන් 5 ක්, අයර්ලන්තයෙන් සහ ඕමානයෙන් තුන බැගින්, සිම්බාබ්වෙන් 2 ක්, භූතානය, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ක්‍රීඩකයා බැගින් ඇතුළත්ව සිටිති.

