අයි.ඕ.සී සමාගමද ඉන්ධන මිල ඉහළ දමයි


නාලක සංජීව දහනායක

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථව ඉන්ධන මිළ ඉහළ දැමීමට සාපේක්‍ෂව ඉන්දියන් ඔයිල් (අයි.ඕ.සී ) සමාඟමද අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිළ ඉහළ දමන බව එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111 දක්වා ඉහළ දමා ඇති අතර, ලංකා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරය මිළ රුපියල් 137 දක්ව, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 119 දක්වාද,  ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් රුපියල් 151 දක්වාද, ප්‍රීමියම් 3 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 143 දක්වාද ඉහළ දමා ඇත.

ඉන්දියන් ඔයිල් සමාගම පසුගිය මාර්තු මාසයේද ඩීසල් ලීටරයක් රුපියල් පහකින් හා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් මිල ඉහළ දැමීය.