(හර්ෂණ තුෂාර සිල්වා)
පෙට්‍රල් සහ ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දෙකකින් අඩු කිරීමට ලංකා අයි.ඕ.සී. සමාගම ද තීරණය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් අඩු කරන බව ද එම සමාගම කියයි.
ඛනිජ තෙල් සංස්ථාව ද එම මිල ගණන්වලින්ම පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබිණි.

