(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාතේ මහනගර ප‍්‍රදේශයන් හි අයාලේ යන ගවයින් මෙම මස 15 වැනිදාට පෙර ඉවත් කර නොගත හොත් එම හිමිකරුවන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ගවයින් නිදැල්ලේ හැසිරීම, මහමග ලැග සිටීම, ජනතාවට හා ව්‍යාපාරිකයන්ට පීඩාවක් මෙන්ම මාර්ග තදබදයට හේතුවක් ද බව කී අමාත්‍යවරයා නගර විධිමත්කරණය යටතේ අයාලේ යන ගවයින් අල්ලා ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ඇති ගව අනාථාගාරයට යොමු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද පැවසීය.
එබැවින් ගව හිමියන්ට තම ගවයින් පාලනය කළ නොහැකි නම් අමාත්‍යාංශය වෙත ලබාදිය හැකි බව ද අමාත්‍යවරයා කීවේය. බස්නාහිර පළාතේ මහනගර ප‍්‍රදේශයන් හි ලියාපදිංචි කළ හා නොකළ ගවයින් 687 ක් සිටින බව ද ඇමැතිවරයා ස`දහන් කළේය.

