(ඩයනා උදයංගනී)
අයවැයට සම්බන්ධයෙන් ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමේ තීරණය හෙට (5) පෙරවරුවේ ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (4) පැවසීය.
ඒ සම්බන්ධයෙන් හෙට පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කරන බව කී මන්ත‍්‍රීවරයා පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වී අවසන් තීරණයක් ගන්නා බව ද ප‍්‍රකාශ කළේය.
මෙවර අයවැයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති අමාත්‍යාංශවල වැය ශීර්ෂ සෙසු අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්ට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කරනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ පරාජය කරවන බව කියන්නේ මත්කුඩුවලට එරෙහිව ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පරාජය කරවීමට අවශ්‍ය මන්ත‍්‍රීවරුන් බව ද ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

