මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (5) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන 2019 අයවැය ලේඛනයෙන් ගොවීන්ට පොහොර නොමිලයේ ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවසේ.
උපාධිධාරීන්ට අමතරව උසස් පෙළ සමතුන්ට ද රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් ද අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ පස්වැනි අයවැය ලේඛනයෙන් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ඉලක්ක කර ගත් වැඩසටහන් කිහිප
යක් හා අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජීවනෝපායන් ඉටු කිරීමේ යෝජනාව ඉදිරිපත් කිීරීමට නියමිත බවය.
‘ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ද මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

