(නලක සංජීව දහනායක)
අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධව ඡන්දය පාවිච්චි නොකරන්නේනම් නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සඳහා ඔවුන් සමඟ පවත්වන සාකච්ඡාවලින් වහාම ඉවත්විය යුතුයැයි එකාබද්ධ විපක්‍ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විපක්‍ෂනායකවරයාට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්‍ෂ විරෝධී දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සදහා තමන් සමඟ සාකච්ඡා පවත්වන අතරතුර එ.ජා.ප ආණ්ඩුව ආරක්‍ෂාකිරීමට කටයුතු කරන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් කිසිඳු ඵලක් නොවන බව තරුණ මන්ත‍්‍රීවරුන් විපක්‍ෂනායකවරයාට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් මේ මොහොතේදී ආවේගශීලී නොවී ඉවසීමෙන් දේශපාලනය කළ යුතු බව තරුණ මන්ත‍්‍රී කණ්ඩායමට පෙන්වාදී ඇති විපක්‍ෂනායකවරයා රජයට එරෙහි සියලූම දේශපාලන කණ්ඩායම් එකතු කරගනිමින් පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතිදී රජය විවේචනය කර කෙසේ හෝ මැතිවරණයක් ලබාගැනීමට ක‍්‍රියාකළ යුතු යැයි පවසා ඇති බව වාර්තාවේ.
පසුගිය සදුදා දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එක්බද්ධ විපක්‍ෂයේ තරුණ මන්ත‍්‍රීවරුන් මේ සම්බන්ධයෙන් විපක්‍ෂනායකවරයා දැනුවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

