(නිමල කොඩිතුවක්කු)
ලබන වසරේ අයවැය ලේඛනය සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඇතුළත් වාර්තාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත බාරදුන් බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනතාවගේ ජීවන වියදම අඩුකිරීම, රටේ ඉදිරි සංවර්ධනය සහ අධ්‍යාපනය සෞඛ්‍යය ඇතුළු සේවාවන් සම්බන්ධයෙන් වන කරුණු ඇතුළත් යෝජනා මාලාවක් එම වාර්තාවට ඇතුළත් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කර ජනතාවට සහන සලසන්නැයිද මුදල් අමාත්‍යවරයාට දුන් වාර්තාවෙන් ඉල්ලීමක් කළ බවද හෙතෙම පැවසීය.
2018 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන 9 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.

